චීන සංචාරය සාර් ථකව නිමකළ ජනපති දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රියේ පැමිණ පැමිණ තිබෙනවා .
මෙම සංචාරය නව රජය බලයට පත් වූ පසු චීන රජයේ ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදු කළ ආරාධනයකට අනුවයි සංවිධානය කර තිබුණේ ..
චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව සිදු වී තිබෙනවා .
ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ
චාරිකාවක නිරත වී තිබෙන බවයි සඳහන් වන්නේ .
සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය
පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද ගොස් තිබෙනවා .
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක් වී තිබෙන බවයි සඳහන් වන්නේ