විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිත වාහනයක් එකළස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.