ඇමෙරිකා​වේ TikTok තහනම ඉවත​ට

ඇමෙරිකා​වේ TikTok තහනම ඉවත​ට

ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ආරක්ෂක හේතූන් මත ඇමෙරිකාවේ භාවිතය තහනම් කිරීමටයි එරට අධිකරණය පියවර ගත්තේ.

කෙසේ වුවද තහනම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර යෙදවුම අක්‍රිය කිරීමට TikTok සමාගම පියවර ගත්තා.

ඒ තමා ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව TikTok සමාගමට දින 90ක සහන කාලයක් ලබා දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග එම සමාගම යෙදවුම යළි ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම සමාගමේ අයිතියෙන් 50%ක කොටසක් ඇමෙරිකාවට හිමිවිය යුතු බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙනවා.

ඇමෙරිකාව තුළ මිලියන 170ක පමණ පිරිසක් TikTok යෙදවුම පරිශීලනය කරන බවද සඳහන්.

https://bitlyv.com/2eTnb

COMMENTS