ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටත්, අභ්‍යන්තරව අවතැන්වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු ගෙන්වා ගැනීමටත්, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමටත් මෙම සටන් විරාමය මග සලසනු ඇතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තත්ත්වය පලස්තීනයේ සහ කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට දායක වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

COMMENTS