සුජීවට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතාට ලබන මස පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.
නීති විරෝධි ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධ චෝදනාවලට අදාලවයි ඔහුට එලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
මේ වනවිට මෙම සිද්ධියට අදාළව සේනසිංහ මහතා ඇප මත මුදාහැර සිටිනවා
අදාළ වාහනය / විකිණීම / වෙනස් කිරීම හෝ අන්සතු කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත්කර තිබෙනවා.