කියනකල් ඉන්න ඕන නෑ, යන්නයි තියෙන්නේ – නලින්ද ජයතිස්ස
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් යාමට පවසන තෙක් සිටිය යුතු නොමැති බවත් නිවසින් යාමට හැකියාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අද (21) කැබිනට් හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව ව්‍යවස්ථාවේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතු ප්‍රතිපාදන දක්වා ඇති බවත් ඔහුට නිවස අවශ්‍ය නම් අදාළ මුදල ගෙවා එහි සිටිය හැකි බවද ඔහු සඳහන් කළා.
මෙම තීරණය හිටපු ජනාධිපතිරුන් හා වැන්දඹුවන් සියලුම දෙනාට අදාළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.