මන්ත්‍රී අර් චූනා අත්අඩංගුවට ගන්නැයි නියෝග
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
එහිදී මෙම සැකකරු විසින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183, 344 යටතට අයත්වන වරදවල් මෙන්ම, මෝටර් වාහන පනතට අයත්වන වැරදිද සිදු කර ඇති බවද පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, පවතින නෛතික ප්‍රතිපාදන යටතේ ඉදිරි විමර්ශන සිදුකරන ලෙසත්, සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මස 03 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.