සෞඛ්‍යයටත් – ජනමාධ්‍යයේ ඉදිරි ගමනටත් ඇමෙරිකාවෙන් පූර් ණ සහාය

සෞඛ්‍යයටත් – ජනමාධ්‍යයේ ඉදිරි ගමනටත් ඇමෙරිකාවෙන් පූර් ණ සහාය

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා .

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා .

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි වත්මන් තත්ත්වය හා ඉදිරි වර්ධනය උදෙසා ඇමෙරිකා රජයේ සහාය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි සඳහන් වන්නේ .

නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක හා විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ගෙන යන රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍යවරයා තානාපතිවරිය දැනුවත් කර තිබෙනවා .

තවත් සැළසුම් සහගත ව්‍යාපෘති රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඖෂධ හිඟය මගහැරවීම සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල හා ජනමාධ්‍යවේදීන් උදෙසා වරලත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ඇමෙරිකා තානාපතිවරිය දැනුවත් කළා.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව අගය කළ තානාපතිවරිය සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා දිය හැකි සහාය පිළිබඳ කරුණු විමසමින් ඒ සඳහා එකඟතාව පළ කර තිබෙනවා .

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි දියුණුව උදෙසා ඇමෙරිකා රජයේ මූල්‍ය හා තාක්ෂණික දැනුම මෙන්ම භෞතික සහාය සෑම අයුරකින්ම අඛණ්ඩව ලබාදෙන බව ඇමෙරිකා තානාපතිනිය අවධාරණය කර තිබෙනවා .

COMMENTS