ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමන නිමා කරයි

මෙරට සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

COMMENTS