අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්

අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්

අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත සංවාදයක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පවත්වා තිබෙනවා.

චීනය සහ අප්‍රිකානු කලාපය, නව යුගයේ සෑම කල්හිම පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් වන බවත්, ත්‍රස්තවාදයේ අභියෝගයට මුහුණ දීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් චීන නියෝජිතයා එම රැස්වීමේදී පෙන්වාදී ඇති බව සඳහන්.

මෑත කාලයේ දී ඇතැම් අප්‍රිකානු රටවල ගැටුම් උත්සන්න වීමත් සමඟ වාර්තා වන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ආර්ථිකය අඛණ්ඩව පහත වැටී ඇති බවත්, විවිධ ත්‍රස්ත බලවේග මෙම අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් බාධා ඇති කරන බවයි එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසා සිටියේ.

එබැවින් අප්‍රිකානු කලාපයේ රටවල ත්‍රස්ත විරෝධී ක්‍රියා සඳහා පෙළඹවීම් ඇති කරමින් ත්‍රස්තවාදයේ මූල බීජ මුලිනුපුටා දැමීමට ඔවුන්ට උපකාර කිරීමටත්, එහිදී එම රටවල ත්‍රස්ත විරෝධී කටයුතුවලට සහාය වීම සඳහා නව තාක්ෂණය මනාව භාවිතා කිරීමටත් චීනය යෝජනා කර ඇති බව සඳහන්.

COMMENTS