පාතාලය මඬින මෙහෙයුම් අඛණ්ඩව

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී අවි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට දිවයිනම ආවරණය වන සේ ආරම්භ කර ඇති සෝදිසි මෙහෙයුම සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
මේ මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ජනවාරි මාසයේ 11 වැනිදාය. ඒ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මතය. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ මේ මෙහෙයුමට සහභාගි වී සිටිති.
මේ මෙහෙයුමේදී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 2,561කි. ඉන් අපරාධවලට සම්බන්ධ වරෙන්තුකරුවන් සංඛ්‍යාව 167කි. පුද්ගලයන් 1,73,000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, රථවාහන 64,000ක්ද පරීක්ෂා කර තිබේ. ජනවාරි 01දා සිට මේ දක්වා අත්අඩංගුවට ගන්නා ලද ගංජා මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 314කි. කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 15ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07ක් අත්අඩංගුව ගනු ලැබ ඇත. ටී56 ස්වයංක්‍රීය තුවක්කු 03ක්, පිස්තෝල 05ක් මේ කාලය ඇතුළත අත්අඩංගුවට ගෙන තිබේ.