යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර

කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ යුක්ක්‍රේන ඩ්‍රෝන යානා 23ක් ද විනාශ කළ බවයි.
යුක්ක්‍රේනය පසුගිය අගෝස්තු මාසයේ කර්ස්ක් ප්‍රදේශයට භූමි ආක්‍රමණයක් දියත් කළේ ය.
කෙසේ වෙතත් මේ වන විට රුසියානු හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ යුක්ක්‍රේනය යටතේ තිබූ කර්ස්ක් කලාපයේ භූමි ප්‍රමාණයෙන් 40% කට වඩා නැවත රුසියාව අත්පත් කරගෙන ඇත.