අහසේ දකින්න පුළුවන් දුර්ලභ දසුනක්
ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මහාචාර්යවරයා සඳහන් කළේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකි බවයි.
සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ යුරේනස් සහ නෙප්චූන් ද දුරේක්ෂයකින් දැකගත හැකි බවයි.
එම ග්‍රහලෝක පෙරහැර ලබන 29 වැනිදා දක්වා හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් තුළ හොඳින් දැකගත හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.