පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ

පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ

යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ දී දේශපාලන පළි ගැනීම් සිදුකරන බවට චෝදනා එල්ලකිරීම සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

වංචා දූෂණ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකර නීතිය ක්‍රියාත්මක කරන අතර එම පරීක්ෂණ කිසිසේත් පෞද්ගලික පළි ගැනීම් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ අනුරාධපුරයේ පැවති සුහද හමුවකට සහභාගි වෙමින්.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

COMMENTS