‘මහවැලි පුනරුද සතිය’ අදින් ඇරඹෙයි

‘මහවැලි පුනරුද සතිය’ අදින් ඇරඹෙයි

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ අද (27) මහවැලි ‘H’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි.

අද (27) ‘ශ්‍රමදාන දිනය’ ලෙස නම් කර ඇති අතර පෙබරවාරි 2 වැනිදා දක්වා ‘මහවැලි පුනරුද සතිය’ ක්‍රියාත්මකයි.

මෙම වැඩසටහන, මහවැලි කලාප 10ම ආවරණය වන පරිදි පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මෙහිදී ශ්‍රමදාන දිනය, ආයතන සංවර්ධන දිනය, කෘෂිකර්ම දිනය, වාරිමාර්ග දිනය සහ ගොවි උපහාර දිනය ලෙස භෞතිකව සිදුකරනු ලබන සංවර්ධන කාර්යයන්ට මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මික හා සාමාජීය අභිවෘද්ධිය අරමුණු කරගත් වැඩසටහන් රාශියක් ද අන්තර්ගත කිරීම සුවිශේෂී යි.

තවද, ක්‍රීඩා සමාජ පිහිටුවීම හා ක්‍රීඩා උපකරණ බෙදාදීම, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, කෘෂි මාර්ග හා කෙත් ඇල පිළිසකර කිරීම, ව්‍යවසායකත්ව ධාරිතා පුහුණු වැඩසටහන්, බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, නිලධාරී හා පාසැල් සිසුන් දැනුවත් කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කුකුළු පාලනය, බඳුන් ගත වගාවන් ඇතුළු තවත් බොහෝ දේ පිළිබඳව දැනුවත් කිරීමට ද, රුක් රෝපණ වැඩසටහන් ඇතුළු බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදුකිරීමට නියමිතවව තිබෙනවා.

clean Srilanka වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට මෙහිදී කටයුතු යොදා තිබෙනවා.

COMMENTS