සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම රතු කැකුළු ප්‍රශ්නය, සති දෙකකින් පමණ විසඳිය හැකි වෙතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. “

COMMENTS