ගොවි වන්දි ලැබෙන දිනය

හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ලබන පෙබරවාරි මාසය වන විට සියලු ගෙවීම් සිදුකර අවසන් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
මේ අතර වී සඳහා සාධාරණ මිලක් නියම කරන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සහල් සඳහා පාලන මිලක් නියම කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.
වී මිලදීගැනීම සඳහා පළමු අදියරේදී රජය රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කර සිටියේ.