කසළ ප්‍රවාහන රථ ගන්න ජපානයෙන් මිලියන තුන්සියයක්
කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපානයෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා .
ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ අපේක්ෂාවයි .
ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ තිබෙනවා .
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Garbage Compactors 28ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස යොදා ගැනීමට අපේක්ෂිතයි .
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8 ක් සහ උතුරු පළාත සඳහා 6ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතව තිබෙනවා .
ඒ අනුව, ජපාන ආර්ථීක සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .