වාහන ගෙන්වීම ගැන මහ බැංකුව කිව්ව දේ
වාහන ආනයනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකුවේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරත් සඳහන් කළේ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කළ බවයි.
මැදකාලීනව උද්ධමනය සියයට 5 ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළගාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළගා වීමට සහාය වීමේ අරමුණෙන් මෙම තීරණයට එළැඹී තිබෙනවා.
පෙර පුරෝකථනය කළ පරිදි දැනට පවතින අවධමන තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ බලශක්තිය සදහා වන මිල ගණන් පහළ යෑම බව බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.