හොඳ ඖෂධ අඩු මිලට
ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ අතර එම ඖෂධ සාධාරණ මිලට අඛණ්ඩව ලබාදීම ද වගකීමක් සහිතව ඉටු කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ඖෂධ පිළිබද උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබද ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයින් පත්කිරිමේ උත්සවය අමතමිනුයි.
උපදේශන කමිටුව සාමාජිකයන් 24 දෙනෙකුගෙන් සමන්විතයි.
එහි සභාපති ධුරයට පත්කෙරුණේ මහාචාර්ය ලාල් ජයකොඩි මහතායි.
ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයන් තුන්දෙනෙකු පත්කෙරුණා. සභාපති ධුරයට විශ්‍රාමික විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පත්කර තිබෙනවා.
පත්වීම් ලිපි ප්රධානයෙන් අනතුරුව පළමු කමිටු රැස්වීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
පාඨමාලා 18ක් සාර්ථකව අවසන් කළ සිසුන් 516 දෙනෙකු මෙහිදි සහතික පත්‍ර හා කුසලතා සම්මාන ලබා ගත්තා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් සමරකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.