සිංහල සිනමාවේ නවමු පරිච්ඡේදයකට පා තබන “රාණි”

සිංහල සිනමාවේ නවමු පරිච්ඡේදයකට පා තබන “රාණි”

ස්වර් ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වන ‘රාණි’ චිත්‍රපටයේ ගීතයේ මෙසේ සඳහන් වේ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ 80 දශකය තුළ පැවති භීෂණ සමයේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මව් වන මනෝරාණි සරවනමුත්තුගේ චරිත කතාව ඇසුරෙන් නිර්මාණය කර තිබෙනවා.

ලොව දැවැන්තම සිනමා පට නිර්මාණ සමාගමක් වන ලයිකා ප්‍රඩක්ෂන් හි කුළුදුල් ශ්‍රී ලංකා නිෂ්පාදනය වන “රාණි” චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගම මහතාගේ අධ්‍යක්ෂණයක් වනවා.

ප්‍රදර්ශනය ආරම්භ කිරීමටත් පෙර බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් මෙම චිත්‍ර පටයට ලැබී තිබෙනවා.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මරණය ඇතුළු සිදුවීම් රැසක් අළලා රාණි’ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.

විශිෂ්ට රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන අතර සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, ප්‍රියන්ත ලලිත්, මයුර කාංචන, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, අශාන් ඩයස්, සජිත ඇන්තනී, අනසුයා සුබසිංහ, සෞම්‍ය ලියනගේ, රිතිකා කොඩිතුවක්කු ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඊට රංගනයෙන් දායක වනවා.

COMMENTS