පොලීසිය මහජනතාවගේ සහාය පතයි

පොලීසිය මහජනතාවගේ සහාය පතයි

අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 17 වනදා එම තරුණයා අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

ඒ පිළිබඳව ඔහුගේ පියා විසින් කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර එම පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

අතුරුදන් වූ තරුණයා මහදෙණිය, එළුවාවල, දෙනිපිටියාය ලිපිනයේ පදිංචි පොල්වත්ත ගොල්ලගේ නවොද් ගිම්හාන් 29 හැවිරිදි තරුණයෙකි.

ඔහු උස අඩි 05 අඟල් 05ක් පමණ, තලෙළු සිරුර, කොණ්ඩය කොටට කපා ඇත, රැවුල වවා ඇති අයෙකු බව පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම තරුණයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක :-

  1. මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානය කළුතර දකුණ :-
    071-8591691
  2. ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශය, පොලිස් ස්ථානය කළුතර දකුණ :- 071 – 8594360

COMMENTS