ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට
![ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/solt.jpg)
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා.
ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද වෙනස් විය හැකි බවයි .
මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදු කෙරුණා.
එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.