මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමේ තීරණයට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ මෙම නඩුවට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.

එසේම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා කරුණු දැක්වුවා.

COMMENTS