Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහාය මඟින් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.

ඒ යටතේ ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබා ගැනීම සඳහා ජපානයෙන් යෙන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදී ඇති බව සඳහන්.

ඒම මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 565ක ප්‍රදානයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

COMMENTS