රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර් ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.
මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.
මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
“මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.”