ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්ෂයට
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමත් සමග එහි ගමන් ගත් මගීන් බේරා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක ක්‍රියාත්මක කෙරුණා.
බස් රථයේ ගමන් ගත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකළ බව සහන කණ්ඩායම් සඳහන් කළා.
මියගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු හා කාන්තාවන් 15 දෙනෙකු ඇතුළත් වන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
කාර්යබහුල මහාමාර්ගයක බස් රථය ගමන් කරමින් තිබියදී ප්‍රපාතයකට පෙරළී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුර හේතුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද ග්වාතමාලා ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.