පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී

පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ⁣හිමිවනු ඇත.

ඒ අනුව අවම දිනවලදී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිතය.

එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතී.

පාළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇති.

එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවෙයි.

මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගනු ඇත.

එසේ වුවහොත් මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී සිදුකෙරෙනු ඇත.

ඒ, අනුව ඒ සඳහා සුදුසුම දිනය වනුයේ අප්‍රේල් මස 22 හෝ 25 වන දින වෙයි.

COMMENTS