පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්
![පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක් පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/ezgif-24eedeca4fecf2-1.jpg)
පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.
එම අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව, 076 641 20 29 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසයි.
එසේ යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කරන බව සඳහන්.
සෑම මසකම සතියේ දින 5 එනම් සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වන අතර අද (14) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වන බවත් අමාත්‍යංශය සඳහන් කරනවා.