කැන්ගරුවන් පරදා සිංහයන්ට සුපිරි ජයක්

කැන්ගරුවන් පරදා සිංහයන්ට සුපිරි ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

පරාජිත ඔස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ඉනිම නායක ස්ටීවන් ස්මිත් විසින් ලබාගත් අතර, ඔහු ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය.

අද තරගයට කැඳවූ ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම එක් ලකුණකට සීමාවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 4ක් දවාගත්තේය.

එමෙන්ම මෙම තරගයේදීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට සාර්ථක ආරම්භය ලබාදුන් අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.

ආරම්භක පිතිකරු යුගලය ඇතුළ පළමු කඩුලු තුනම අසිත සතුවිය.

COMMENTS