පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.
ඒ බ්රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්.
ඒ බව වතිකානුව නිවේදනය කළා.
එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 වසරේ එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ද නොහැකි වී ඇති අතර, ඩුබායි සංචාරය ද අවලංගු කිරීමට සිදු වුණා.
උන් වහන්සේ පසුගිය වසර දෙක තුළ ද කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් ද පීඩා විඳ තිබෙනවා.