රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් වෙන ලකුණු

රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය සූදානම් වනවා.
රුසියා – යුක්‍රේනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දීර්ඝ දුරකතන සංවාදයක් පැවැත්වුණා.
යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු රුසියා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවීමට නියමිතයි.
ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් , රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ මැදපෙරදිග නියෝජිත ස්වීව් විට්කොෆ් යන ඉහළ පෙළේ නිලධාරීන් සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා සෞදි අරාබියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
රුසියානු පාර්ශ්වයෙන් මේ සඳහා සහභාගී වන්නේ කවුරුන්දැයි මෙතෙක් හෙළි කර නැහැ.