සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග

‘කෝවිලගේ විජය ඇන්තනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ විජය කුමාරතුංග මාවත) ඔහුගේ නිවස ඉදිරිපිටදී මුහුණ සහ හිස සුනුවිසුණු වන පරිදි ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ නීච ඝාතනය මඟින් ඝාතකයන්ට විනාශ කළ හැකිවූයේ විජයගේ සුන්දරතම සිරුර පමණි. ඔහු එසේ මරා 37 වසරක් ඉක්මගොස් තිබියදීත් අදත් පවතින ඔහුගේ නාමය හෝ ඔහු පිළිබඳව ජනහදවත්හි ඇති ආදරණීය මතකය හෝ මරා දමන්නට ඝාතකයන්ගේ පසු පරම්පරාවන්ටවත් හැකි වී නැත.
විජය කුමාරතුංග කියන නාමය සිංහල සිනමාව තුළ නොමැකෙන සටහනක් ඉතිරි කර තැබූ අද්විතීය නාමයක් ඔහුට බොහෝ දෙනෙක් අමතන්නේ මානව හිතවාදී විජය නමින්. ඇත්තෙන්ම ඔහු ශ්‍රී ලාංකේය සිනමාව තුළ සදාකාලිකවම තාරුණ්‍යයේ සිහින කුමරා බවට පත්වුණා.
අදටත් ඔහුගේ සිනමා පට නැරඹීමේදී තාරුණ්‍යයේ කුමරා වන්නේ නිතතින්ම විජය කුමාරතුංගයි. ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි ඔහු ගායන ශිල්පියෙක් ද දේශපාලනඥයෙක් ද යන භූමීන් තුල ජනතාවගේ ආදරය නිතැතින්ම දිනාගත්තා විජය කුමාරතුංගයන් රංගනයට පිවිසෙන්නේ සරසවිය පුවත්පතෙහි වූ දැන්වීමක් දැකීමෙන් පසුව ඔහු සම්මුඛ සාකච්ඡාවකට තේරී ඉන්පසු මනමාලයෝ නම් චිත්‍රපටයේ සමූහ රංගනයකට එකතු වූ පසුයි ඉන්පසු සිනමාවක් රැසක් ඔස්සේ සිය රංගන කුසලතාවය ඔප්නැංවූ ඔහු ජාතික හා රාජ්‍ය සම්මාන රැසක්ම දිනාගනු ලැබීය.
ඒ වගේම ඔහු ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පියෙක් ඔහු විසින් ගායනා කරන ලද ගීත අදටත් රසික සිත් පුබුදුවාලමින් කලා ක්ෂේත්රය තුළ ගායනා කරනවා.”ගඟ අද්දර මා, කවුළුව අතරින් පත්,වේදනා, දිනකර පායා,සීත රැයේ දී, මංගල නැකත” ආදී ගීතයන් තවමත් නොමැකෙන මතකයන් අතරට එකතු වී හමාරයි.ඔහුගේ ගීත කෞශල්‍ය කොතෙකුත් කියනවා නම් ඔහු දෙවතාවක්ම සරසවි සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායකයාට තේරී පත්වුණා.
37 වන ගුණානුස්මරණ උත්සවය කටුණායක 18 කණුව ප්‍රදේශයේ විජය කුමාරතුංග පිළිරුව අසලදී පැවැත්වුණා.
ඒ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ගුණානුස්මරණ උත්සවයට පවුලේ ඥාතීන් , දේශපාලනඥයින් මෙන්ම කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
මේ අතර විජයකුමාරතුංග මහතාගේ 37 වන ගුණසමරුව වෙනුවෙන් සංවිධාන කෙරුණු තවත් උත්සවයක් ඊයේ දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ විජය කුමාරතුංග ගුණානුස්මරණ කමිටුව එය සංවිධාන කර තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.