කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල

කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල

කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කැනේඩියානු බලධාරීන් පවසයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයකි.

අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

ගුවන් යානය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුව ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කළහ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගුවන්තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

https://www.bbc.com/news/articles/c20g02djlv7o

COMMENTS