ගුරු මාරුවට දේශපාලන බලපෑම් නැහැ – අගමැතිනිය කියයි

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.
ජාතික පාසල් සහ පළාත් පාසල් වල පවතින පුරප්පාඩු අනුව පළාත් සහ ජාතික පාසල් වලින් අතිරික්ත ගුරුවරු තාවකාලිකව අනියුක්ත කරන්න මේ වන විට ලිපියකින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.
ඉදිරියේදී විෂයන් අනුව තිබෙන පුරප්පාඩු අනුව ඒ ඒ පුරපුපාඩු පුරවන්න අපි කටයුතු කරන බවත් අගමැතිනිය සඳහන් කළා.
මේ වසර අවසන් වනවිට සියලු විෂයන් සඳහා තිබෙන ගුරු පුරප්පාඩු පුරවන්න අපි බලාපොරොත්තු වනවා.
ගුරු මාරුවීම් සිදු කරන්නේ වෘත්තිය සමිති වලින් නෙවෙයි ගුරු මාරු මණ්ඩලයෙන්, ඒ මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති වල නියෝජනයක් තියෙනවා.
ගුරුමාරුවීම් මෙච්චර වියවුල් වෙලා තියෙන්නේ පසුගිය කාලවල සිදු වූ දේශපාලන බලපෑම් හේතුවෙන් බවයි අගමැතිනිය සඳහන් කළේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ, අවුරුදු ගණනාවකින් ගුරු මාරු මණ්ඩලය දේශපාලන අතපෙවීමකින් තොරව ස්වාධීනව මෙවර සිද්ධ කරන්න පුලුවන් වී තිවෙනවා.
ඒ මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ගුරු මාරුවට බලපෑම් නොකළ නිසා බව ඔවුන් සඳහන් කළා.
තම ස්ථාවරය ගුරු මාරු සිද්ධ විය යුත්තේ ගුරු මාරු මණ්ඩලයෙන් ම බවත්, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා.