ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් හා කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එසේම ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද, ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.