අධිකරණයට පැමිණෙන නීතිඥවරුන් පරීක්ෂාවට ඉඩ දෙන්නැයි පොලිස්පති ඉල්ලයි

අධිකරණ පරිශ්‍ර වෙත පැමිණෙන නීතිඥයින් පරීක්ෂා කිරීමකට ලක්නොවන බවත්, එලෙස පැමිණෙන සෑම නීතිඥවරයෙකුම පරීක්ෂා කිරීම සඳහා සහාය දෙන ලෙස තමන් නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
අද (19) පෙරවරුවේ දී කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් සැලකෙන ගණේමුල්ල සංජීව නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර වැඩිදුරටත් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ, අධිකරණය ඇතුළතත් අවි සහිත නිලධාරීන් රාජකාරියේ යෙදවීම පිණිස පොලිසිය විසින් ඉල්ලා සිටින බවය.
මෙහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,
“අපි පැහැදිලි වශයෙන්ම කියනවා නීතිඥයින් විදියට පැමිණෙන්න තියෙන අවස්ථාව වැඩියි. නීතිඥවරුන් අධිකරණයේ පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාව උපරිම විදියට ප්‍රයෝජනයට අරගෙන තමයි මේ සැකකරු ඒ කාර්යය කරලා තියෙන්නේ. අපි නීතිඥ සංගමයෙනුත් ඉල්ලීමක් කරනවා, ඒ සම්බන්ධයෙන් අපිට සහාය දෙන්න, සෑම නීතිඥවරයෙක්ම පරීක්ෂා කරන්න. ඒත් එක්කම අධිකරණය ඇතුළතත් අවි සහිත නිලධාරීන් රාජකාරියේ යොදවන්න අපි ඉල්ලීමක් කරනවා ඒ අවශ්‍ය අධිකාරීන්ගෙන්, අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරනවා.“