මහනුවර නගරය සංවර් ධනයට ව්‍යාපෘති 168ක්

මහනුවර නගරය කේන්ද්‍ර කොට සංවර්ධන ව්‍යාපෘති 168ක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබෙනවා.
වර්ෂ 2035 වන විට නිම කිරීමට නියමිත විසල් මහනුවර සංවර්ධන සැලැස්ම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව එම අධිකාරියේ සභාපති ඉංජිනේරු කුමුදු ලාල් මහතා පැවසුවා.
ඒ විසල් මහනුවර නගරය සංවර්ධනය කිරීම මුලික කොටගෙන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීයි.
” කන්ද උඩරට තේජාන්විත අගනගරය ” යන මැයෙන් මහනුවර නගරයේ ආගමික, සංස්කෘතික, ඓතිහාසික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
මහනුවර මහ නගර සභාව ද ඇතුළුව පළාත් පාලන ආයතන 15ක් කේන්ද්‍ර කොට වර්ග කිලෝමීටර් 600ක භූමි වපසරියක් ආවරණය වන පරිදි මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මකයි.
යෝජිත ව්‍යාපෘති 168න් සියයට 13ක ප්‍රමාණයක් මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
එහිදී පොදු ප්‍රවාහන පර්ෂද නැවතුම් ස්ථාන ඉදි කරන අතර නුවරවෙල සහ සිංහරෙජිමේන්තු කඳවුරු පරිශය අසල පොදු ප්‍රවාහන ගාල් දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට තිබෙනවා.
බහුවිද ප්‍රවාහන අංගනය ඉදිකිරීම, හිරැස්සගල හන්දිය අසල සිට විලියම් ගොපල්ලව මාවත හරහා රෝහල් හන්දිය කරා මාර්ගය සංවර්ධනය කිරීම, මහයියියාව උමං මාර්ගයක් ඉදිකිරීම, කුඩාරත්වත්ත මාර්ගය සහ විලියම් ගොපල්ලව මාවත සංවර්ධනය කිරීම, තැන්නේකුඹුර සිට ධර්මරාජ විදුහල අසල දක්වා ප්‍රධාන මාර්ගය සංවර්ධනය ද මේ යටතේ සිදුවෙනවා.