මේ දවස්වල හොඳට වතුර බොන්න

මේ දවස්වල හොඳට වතුර බොන්න

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය වැඩි ප්‍රමාණයක් පිටවීම නිසා ශරීරයේ ජලය ප්‍රමාණය අඩු විය හැකි අතර මේ තත්ත්වය වැඩි වශයෙන් සිදු වුවහොත් ශරීරයට එය දරා ගත නොහැකි බව එම සංගමය අවධාරණය කරනවා.

මේ නිසා ක්ලාන්තය සහ වමනය වැනි ලක්ෂණ ද විජලන තත්තත්වය නිසා අතුරු ආබාධ ද ඇති විය හැකියි.

ඒ් නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව එම සංගමය අවධාරණය කරනවා.

විශේෂයෙන්ම වැඩිපුර දියර වර්ග පානය කිරීම,තද අව්වේ සිටීමෙන් හැකි තරම් වැළැකීම ,සෙවණ ඇති ස්ථානවල සීටීම , තැඹිලි කුරුබ්බා වැනි දියර වර්ග පානය කිරීම හා පැණිබීම වර්ග පානය කිරීමෙන් වැළැකීම වැනි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව ඒම සංගමය පවසනවා.

කුඩා දරුවන්ට සහ වයස්ගගත පුද්ගලයින්ට මෙම තත්ත්වය වැඩිපුර බලපෑ හැකි බැවින් එවැනි කණ්ඩායම් ගැන අවධානය යොමු කළ යුතු බව ද පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ජලය අපතේ යාම වළක්වා ගැනීමට කටයු‍තු කරන ලෙස ද ඒම සංගමය අවධාරණය කරනවා.

COMMENTS