ට්‍රම්ප් වැඩ කරන්නේ රුසියාවේ වැරදි තොරතුරුවලට

ට්‍රම්ප් වැඩ කරන්නේ රුසියාවේ වැරදි තොරතුරුවලට

රුසියාව සමග යුද්ධය අවසන් කිරීම සඳහා ඉක්මනින් සාකච්ඡා කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබෙනවා.

එසේ නොමැතිනම් පාලනය කිරීමට රටක් නොමැතිවීමේ අවදානමක් ඇති වන බවට ඔහු අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර කරන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කිට ඒකාධිපතියෙකු ලෙස චෝදනා කිරීම ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ පමණක් නොව ඇතැම් රිපබ්ලිකන්වරුන්ගේ ද විවේචනයට ලක්ව තිබෙනවා.

ට්‍රම්ප් මෙම චෝදනාව කළේ සෙලෙන්ස්කි 2024 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය ප්‍රමාද කළ බව පවසමින්.

ජයග්‍රහණය කළ නොහැකි යුද්දයක් සඳහා සෙලෙන්ස්කි මේ වන විට ඇමෙරිකාවට ඩොලර් බිලියන 350ක් වැය කරවා ඇති බවට ද ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් සෙලෙන්ස්කි පවසන්නේ ට්‍රම්ප් කටයුතු කරන්නේ රුසියාවේ වැරදි තොරතුරුවලට අනුව බවයි.

https://short-link.me/SZCp

COMMENTS