රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003ක් බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.
