ගණේමුල්ල සංජීවගේ ඝාතන සැකකරු නීතීඥ සංගමයේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා.
එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක’ නමින්.
අලුත්කඩේ මහේස්ත්‍රාත් සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පුත්තලම පාලවිය ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 34ක් වූ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති පුද්ගලයෙක්.
මොහු 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පළා ගොස් ඇති අතර, පොදු සමාව ලබා දුන් කාලයේදී හමුදා සේවයෙන් ඉවත්වී ඇති බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.