ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ

ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ

ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා බිත්තර මිල සියයට 15 කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට එරට බිත්තර 12 ක මිල ඩොලර් 05 කට ආසන්න වනවා.

ඇමෙරිකාව තුල සීග්‍රයෙන් පැතිර යන කුරුළු උණ හේතුවෙන් බිත්තර හිඟ වීමත් සමගයි බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ.

ඒත් සමගම කූඩු තුළ ඇති කරන කිකිලියන්ගෙන් ලබා ගන්නා බිත්තර පමණක් අලෙවි කිරීමට පනවා තිබූ නීති ඉවත් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස්වල ඇති කරන කිකිලියන්ගේ බිත්තර අලෙවියට ද අවසර ලබාදී තිබෙනවා.

කුරුළු උණ රෝගය හේතුවෙන් මේ වන විට ඇමෙරිකාවේ කුකුළන් මිලියන 160 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

https://short-link.me/T5Lg

COMMENTS