කැළණිවැලි මාර් ගයේ දුම්රිය ගමන්වාර 5ක් අද අවලංගුයි

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා අද උදෑසන සහ සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, අද උදෑසන 08.30ට කොළඹ කොටුව – අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය අවලංගු කර තිබෙනවා.
තවද, ප.ව.01.55ට කොළඹ කොටුව – පාදුක්ක දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය ද, ප.ව.04.00ට කොළඹ කොටුව – අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අර්ධ සීඝ්‍රගාමී දුම්රියද, ප.ව.12.25ට අවිස්සවේල්ල – කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය සහ ප.ව.03.45ට පාදුක්ක – කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අර්ධ සීඝ්‍රගාමී දුම්රියන් ද මේ අනුව අද අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.