බස් රථයක ගමන්මලු රඳවනය තුළ ජීව පතරොම් 123ක්

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇත.
ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර තිබුණි.
ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතය.
එහිදී මෙම සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් සොයාගෙන තිබුණි.
මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් තිබී ඇති
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.