ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් එළියට

එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙලෙස තහනමට ලක්වු සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් වර මුදල් සැපයීම සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව එම සංවිධානවල මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනමට ලක්කර තිබෙනවා.
ගැසට් නිවේදනය අනුව ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය තහනම් වනවා.
දේශසීමා ඉක්මවු දෙමළ ඊලාම් රාජ්‍ය, ලෝක දෙමළ සහනසාධක අරමුදල, මූලස්ථාන කණ්ඩායම, ජාතික තව්හිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා විලයාත් අස් සෙයිලානි යන සංවිධාන ද තහනම් සංවිධාන ගොඩට අයත්.
ඊට අමතරව කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය, දාරුල් අදර් අත්තබවියා, ශ්‍රී ලංකා මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරය, සේව් ද පර්ල්ස් යන සංවිධාන තහනම් කර තිබෙනවා.
මීට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 දෙදෙනෙකුගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කෙරුණා.