රසකැවිලි පැකට් අස්සේ සැඟවූ කෝටි 02කට අධික කුෂ්

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (24) දහවල් කාලයේ කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 908ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඔහු බැංකොක් සිට මෙරටට ගුවන් මගින් පැමිණ ඇති අතර සැකකරු වයස අවුරුදු 73ක් වන ඉන්දීය ජාතිකයෙකි.
සැකකරු විසින් මෙම කුෂ් මත්ද්‍රව්‍ය කුඩා පංචින් බෑගයක් තුළ සුක්ෂම ලෙස අසුරා රසකැවිලි පැකට් අතර සඟවාගෙන පැමිණිමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.