කැලිප්සෝ දුම්රියෙන් වාර් තාගත ආදායමක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය පසුගිය 17 වනදා සංචාරකයින්ගෙන් පිරී ගිය බවත් එදින පමණක් මේ ආදායම ලබා ගත් බවත් වාර්තා වෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයින් මහත් උනන්දුවක් දක්වනවා.
මෙහිදී දෙමෝදර අසල විනාඩි 10 ක්, ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.