ග්‍රහලෝක පෙරහැරක් දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්

ග්‍රහලෝක පෙරහැරක් දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද (28) ලෝකවාසින්ට උදාවේ.

නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි.

ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී බව නාසා ආයතනය සඳහන් කළේ ය.

අදාළ ග්‍රහලෝක අතරින් බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනෙනු ඇති අතර සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හඳුනා ගැනීමට දුරේක්ෂයක් අවශ්‍ය වේ.

මේ අතර මෙම සංසිද්ධිය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසුන් විසින් රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් සංවිධානය කර තිබේ.

අද(28) සවස 6.20 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේදී එය ක්‍රියාත්මක වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම මහජනතාවට ද නිරීක්‍ෂණ කඳවුර විවෘත බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

COMMENTS