ජනාධිපතිගේ විදෙස් සංචාර සඳහා මුදල් වියදම් වූ හැටි

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර 3 සඳහා රුපියල් මිලියන 1.8 ක් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (28) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා 312,350 සමඟ රාජ්‍යතාන්ත්‍රිකව ලබාදෙන සිහිවටන ඇතුළුව 1,220,000 ක් වියදම් වූ බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් චීන රජය විසින් ලබාදුන් බවත් එම සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කර ඇත්තේ 386,000 ක් පමණක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම ඩුබායි සංචාරය සඳහා ගුවන් ටිකට්පත් එරටින් ලැබුණු බවත් ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වියදම් කර ඇත්තේ 279,971 ක් පමණක් බවද ඔහු සඳහන් කළා.
විදෙස් සංචාරයක් යන විට ජනාධිපතිවරයාට දෛනික දීමනාවක් ලැබෙන බවත් චීන සංචාරය සඳහා ඩොලර් 2,055 ක් හා ඩුබායි සංචාරය සඳහා ඩොලර් 960 ක් ලැබුණු බවත් ඒවා සියල්ල යළි ජනාධිපති ලේකම්කාර්යාලට ගෙනැවිත් භාරදී ඇති බවත් මීට පෙර කිසිඳු රාජ්‍ය නායකයෙකු එලෙස සිදුකර නොමැති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.